අතිපූජනීය මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණෝ වසර ගණනාවක් මුලුල්ලේ වනගතව, අත්දැකීම් ඇති ප්‍රවීණ කුසලතා පිරි ආචාර්යවරුන් ඇසුරු කරමින්, ප්‍රායෝගිකව ධර්මයේ හැසිරෙමින් සහ ගැඹුරු භාවනාවේ යෙදෙමින්, බුදුරජාණන් වහන්සේ දෙසූ දහම කවරේද යන්න ප්‍රායෝගික සමීක්ෂණ ඔස්සේ අධ්‍යයනය කලේය. පුරා වසර 15 කට අධික කාලයක් භාවනා කරමින්, අති දුෂ්කර ව්‍යයාමයකින් පසුව බුදුරජාණන් වහන්සේ දෙසූ පරම පිවිතුරු සත්‍යය තම අත්දැකීමෙන් අවබෝධ කිරීමට අතිපූජනීය මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ හට හැකිවිය.

වැඩිදුර තොරතුරු මෙතැනින්

Arahath Mahanuwara Wajirabuddhi Thero

ධර්ම දේශනා

වර්ෂ 2006 දී අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණෝ විසින් ගෙෳතම බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නිර්මල බුද්ධ දේශනාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඔස්සේ විකාශනය වූ වැඩසටහන් මාලාවකින් සාකච්ඡාවට බඳුන් කෙරිනි.

  • Sadaham Maga - Arahat Mahanuwara Wajirabuddhi"බුදුන් වදාළ ධර්මය" මේකට අපට පැහැදිලිවම උත්තර දෙන්ට පුලුවන් තැන තමයි, අපේ දේශනාවේ අපි යන්නට ඕන. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා මුලින්ම කළ දේශනාවට. මම හිතන්නේ වඩාත්ම හොඳ උත්තරේ තියෙන්නේ එතන...
    බාගත කරන්න MP3  MP4
  • Lokaya - Arahat Mahanuwara Wajirabuddhiදවසක් ආනන්ද තෙරැන් වහන්සේ, ඒ කියන්නේ බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා බුදුන් වහන්සේ ලඟට ගිහින් ඇහුවා "භාග්‍යවතුන් වහන්ස, ලෝකය තියෙන්නේ කොහෙද?" කියලා. බුදුන් වහන්සේ උත්තර දුන්නා "ආනන්ද, ලෝකය තියෙන්නේ දුක උඩ" කියලා...
    බාගත කරන්න MP3  MP4
  • Shraddawa - Arahat Mahanuwara Wajirabuddhiබුද්ධ දේශනාවේ ඉතාම වැදගත්, නිතර නිතර බොහෝ තැන්වල යෙදෙන වචනයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. බොධි රාජ කුමාරයාට දහම් දෙසපු වෙලාවෙ බුදුන් වහන්සේ දේශනා කරා, ධර්මය අවබෝධ කරගන්නට ඕනෑ කරන ප්‍රධාන කරුනු කීපයක්. ඒකේ සඳහන් කරල තියෙනවා...
    බාගත කරන්න MP3  MP4
  • Buddha Sasanaya - Arahat Mahanuwara Wajirabuddhiමොකක්ද බුද්ධ ශාසනය කියන්නේ? දන්නා විදියෙන් අහල තියෙන්නේ මොකක්ද බුද්ධ ශාසනය? එක එක්කෙනා එක එක අදහස් දක්වයි, කිව්වොත්. අපි ඒ අදහස් පොඩ්ඩක් පැත්තකින් තියලා, අපි බලමු බුදු හාමුදුරුවො මේ ගැන මොකක්ද කීවේ කියලා...
    බාගත කරන්න MP3  MP4
  • Bhawana - Arahat Mahanuwara Wajirabuddhi
    බාගත කරන්න MP3  MP4
  • Chathurarya Sathyaya - Arahat Mahanuwara Wajirabuddhi
    බාගත කරන්න MP3  MP4
  • Arya Ashtangika Margaya - Arahat Mahanuwara Wajirabuddhi
    බාගත කරන්න MP3  MP4
  • Budu Guna - Arahat Mahanuwara Wajirabuddhi
    බාගත කරන්න MP3  MP4
  • Dhaham Guna - Arahat Mahanuwara Wajirabuddhi
    බාගත කරන්න MP3  MP4
  • Sanga Guna - Arahat Mahanuwara Wajirabuddhi
    බාගත කරන්න MP3  MP4
  • Dana Seela Bawana - Arahat Mahanuwara Wajirabuddhi
    බාගත කරන්න MP3  MP4

ධර්ම සාකච්ඡා

ප්‍රකාශන

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමිපාණන් විසින් දේශනා කල "සසර දුක් ගිනි නිවන සදහම් මග", "ලෝකය", "ශ්‍රද්ධාව" සහ "බුද්ධ ශාසනය" යන දේශනා ඇතුලත් "ගෙෳතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග" (ISBN 978-955-30-1089-6) ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණය 2008 වර්ශයේදී එලි දක්වන ලදී.

ඇස්. ගොඬගේ සහ සහෝදරයෝ විසින් ප්‍රකාශිත මෙම ග්‍රන්ථය දිවයින පුරා ඇති පොත්ශාලා වලින් ලඛා ගත හැක.

මෙම ග්‍රන්ථයේ ඉලේක්ට්‍රොනික පිටපතක් බාගත කරගැනීමට හෝ කියවීමට පහත Link එකක් Click කරන්න.

download ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මගPDFවිද්‍යුත් ග්‍රන්ථය බාගත කරගන්න

download ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මගPDFවිද්‍යුත් ග්‍රන්ථය කියවන්න

The English version of this E-book is available here

ISBN 978-955-30-1089-6


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



තව කියවන්න



ලිපි

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමිපාණන්ගේ දේශනා අනුසාරයෙන් මාධ්‍ය වල පලවු ලිපි කීපයක් පහත දැක්වේ

  • අපි කවුරුත් දන්නව බුදු හාමුදුරුවො බුද්ධත්වයට පත් වෙලා බෝ මැඬ අසලදීම සති කිහිපයක් ගත කරලා, උන් වහන්සේ අවබෝධ කරපු ධර්මය විශේෂ පරීක්ෂාවට ලක් කරලා උන් වහන්සේ තීරණය කරනව ‘මම සත්‍ය අවබෝධ කරගත්තා. මම දුකින් නිදහස් වුණා. මගේ සසර ගමන අවසාන කළා. දැන් මේ සදහම් මග මම දුකින් තැවෙන සත්ත්වයාට දේශනා කරන්ට ඕන’ කියල. එහෙම හිතල උන් වහන්සේ බලනව කාටද මම මේ ධර්මය දේශනා කරන්නෙ කියල.
    තව කියවන්න
    නමස්කාර සඟරාව ඇසුරෙනි
    2014 සැප්තැම්බර්
  • මොකක්ද ‘සම්මා දිට්ඨිය’ කියල කියන්නේ? ‘දුක්ඛේ ඤාණං’ පළවෙනි එක; දුක පිළිබඳ දැනීම අවබෝධය. ඊළඟට ‘දුක්ඛ සමුදයේ ඤාණං’ දුකට හේතුව මොකක්ද කියල, ඒ පිළිබඳ ඇති කරගන්නා දැනුම; ආරම්භක වශයෙන් ඇති කරගන්නා දැනුම. ඊළඟට ‘දුක්ඛ නිරෝධේ ඤාණං’ දුක නැති කරගැනීම පිළිබඳ දැනුම. ඊළඟට ‘දුක්ක නිරෝධ ගාමිණී පටිපදාය ඤාණං’ දුක නැති කරන මාර්ගය පිළිබඳ දැනුම.
    තව කියවන්න
    නමස්කාර සඟරාව ඇසුරෙනි
    2014 ඔක්තෝබර්
  • මොකක්ද මේ සම්මා සංකප්ප. පළමුවෙනි-එක තමයි නෙක්ඛම්ම සංකල්පනා. අපේ හිතේ තියෙන්නෙ කාම සංකල්පනා. අපි තීරණය කරනව එයින් මිදෙන්ට, නෙක්ඛම්ම සංකල්පනා ඇති කරගන්ට. කාමයන්ගෙන් ඉවත් වෙනව. දැන් මේක අතහරිනව. අපි මෙච්චර කල් මොනවද කළේ? කාම සංකල්පනාවල ඉඳගෙන මේ ඉන්ද්‍රිය පිනවන්ට අවශ්‍ය කරන සම්පත් හොයන-එක, උපයන-එක, රැස් කරන-එක, ගොඩ කරන-එක. ඒකනෙ කළේ.
    තව කියවන්න
    නමස්කාර සඟරාව ඇසුරෙනි
    2014 නොවැම්බර්
  • බොහෝ වෙලාවට දානයක් දීල ප්‍රාර්ථනා කරනව නෙ දෙව්-මිනිස් සැප? නිදුක්-නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනව. එතකොට අත්හැරීම නම් ප්‍රාර්ථනා කළත් නැවත තෘෂ්ණාවට යනව. අපි ප්‍රාර්ථනා කරන්ට ඕන නෑ. ඒ දෙන දේ ආනිසංස තියෙනව. දැන් බලන්න අපි සතෙක්, මදුරුවෙක් මරනවා. මරල කවුරුවත් ප්‍රාර්ථනා කරනවාද? මේ මදුරුවා මරපු අකුසල කර්මය හේතුවෙන් මාව නිරයට පත් වේවා කියල.
    තව කියවන්න
    නමස්කාර සඟරාව ඇසුරෙනි
    2014 දෙසැම්බර්
  • අපි දස අකුසල් තියෙනව කියල අහල තියෙනව. කයෙන් කරන අකුසල්: තුනක් ඔය ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය. වචනයෙන් කරන අකුසල් බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම කරුණු හතරයි. ඊට පස්සෙ සිතින් කරන තව අකුසල් තුනක් තියෙනව: දැඩි ලෝභය, ද්වේෂය සහ මිථ්‍යා දෘෂ්ටිය. ඔය දහය තමයි දස අකුසල් කියල කිව්වෙ.
    තව කියවන්න
    නමස්කාර සඟරාව ඇසුරෙනි
    2015 ජනවාරි
  • අපි බලමු මොනවද අකුසල් කියල. දන්නවද අකුසල් මොනවද කියල? බුදු හාමුදුරුවො අදහස් කළේ ප්‍රාණඝාතයෙන් වැළකීමද? දැන් හුඟක් අය හිතනව මේ අකුසලය කියල කියන්නෙ ප්‍රාණඝාතය කියන-එක, අදත්තාදානය වගේය, ඉතින් කුසල් කියන්නෙ ඒවායින් වැළකීමය කියල. එහෙම කියපු තැනුත් තියෙනව බුද්ධ දේශනාවෙ. ඒත් දැන් මෙතනට මේක අදාළ වෙන්නෙ නෑ.
    තව කියවන්න
    නමස්කාර සඟරාව ඇසුරෙනි
    2015 පෙබරවාරි
  • සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවන කොට මොකද වෙන්නෙ අපට? සති සම්බොජ්ඣංගය වැඩෙනව. සිහිය දිගින් දිගට දිගින් දිගට එහෙම පවත්වගෙන යන කොට මොකද වෙන්නෙ? ලෝකයේ යථා ස්වරූපය දකින්ට පටන් ගන්නව. ඇති වීම - නැති වීම දකිනව. මොකෙන්ද දකින්නෙ? නුවණින්; නුවණැසින්. ධම්මවිචය: ඇති වීම-නැති වීම, ඊළඟට ඒක දිගින් දිගට තව වඩාගෙන යන කොට ....
    තව කියවන්න
    නමස්කාර සඟරාව ඇසුරෙනි
    2015 මාර්තු
  • මේ ආගම හා රාජ්‍යය සම්බන්ධ කාරණය ටිකක් පුළුල් මාතෘකාවක්. මගේ පෞද්ගලික අදහස වැඩක් නැහැ. බුදුන් වහන්සේගේ බෞද්ධ දර්ශනය මත අදහසක් ඉදිරිපත් වෙන්න ඕනෑ. ඇත්තටම ගත්තොත් මේ වෙද්දි බුදුන් වහන්සේ වදාළ බුද්ධාගම මොකක්ද කියලා කවුරුවත් දන්නේ නැහැ.
    තව කියවන්න
    රාවය සඟරාව ඇසුරෙනි
    2016 පෙබරවාරි

අපව අමතන්න

ඔබගේ නම

විද්‍යූත් ලිපිනය

ඔබගේ ප්‍රශ්නය

  • මෙම වෙබ් අධවිය පිලිඹදව ඔබගේ මිතුරන් දැනුවත් කරන්න:



  • අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමිපාණන්ගේ විස්තර ඇතුලත් අනෙකුත් වෙබ් අධවි: